International Mother Language Day

Languages, with their complex implications for identity, communication, social integration, education and development, are of strategic importance for people and the planet. Yet, due to globalization processes, they are increasingly under threat, or disappearing altogether. When languages fade, so does the world’s rich tapestry of cultural diversity (UN).On February 22nd 2020, Akuru Collective along with W.A. Silva Foundation and The LetterPress, celebrated International Mother Language Day at W.A. Silva Museum premises at Wellawatte. 

The event started off in a valuable discussion on ‘The way to the language’ (බස වනන මග) where Bartram J Liyanage explained about how our culture had shaped Sri Lankan language. The discussion also touched on the important topics, such as: treats on Sinhala Language. Following that thought provoking session, Mr. Ravi Thilakawardena (Secretary at  W.A. Silva Foundation), did a presentation on W. A. Silva’s work and his use of language. His speech highlighted the immense National service rendered by W. A. Silva to Sinhala language and literature.Tharique Azeez’s talk on Challenges in Tamil typography heightened the event and perfectly set the scene to a discussion on Sinhala and Tamil multi-script typography. The Event came to a close with an Akuru networking session. 

Following is a note by one of the participants of the event. 

ජාත්‍යන්තර මවුභාෂා දින සැමරුම | ඩබ්ලියු ඒ. සිල්වා කෞතුකාගාරය

වැල්ලවත්තෙ දඩිං-බිඩිං සද්ද ගොඩ මැද්දෙ මෙහෙම නිස්කලංකෙ ඉන්න පුළුවන් තැනක් තියෙනවා කියන්නෙ පොඩි පුදුමයක්. මේ නිස්කලංකෙ ඉන්න පුළුවන් තැන කෞතුකාගාරයක් තියෙනවා කියන්නෙත් ඊට පොයින්ට් ගාණක් ලොකු පුදුමයක්. සති දෙකකට කලින් මෙතැන තිබුණ ‘අච්චු අකුරු පිරිසිදු කිරීමේ’ වැඩසටහනට විප්‍රකාර හේතුවක් නිසා මට යන්න බැරි වුණා. ඉතිං ඩබ්ලියු.ඒ.සිල්වා කෞතුකාගාරෙට අදයි මම මුලින්ම ගියේ. දැන් කෞතුකාගාරයක් විදිහට හදලා තිබ්බට මේක ඉස්සර ඩබ්ලියු ඒ. සිල්වා මහත්මයගෙ ගෙදර. අවුරුදු 100ක් විතර මේ ගොඩනැගිල්ල පැරැණි බවත් කියැවුණා.

ඉස්සරහා-පිටිපස්සෙ දොරවල් වැහුණම ගෙදරට පිටින් සද්ද ඇහෙනවා හරිම අඩුයි. ඔහු ජීවත් වෙලා ඉන්න කාලෙදි නම් මේ අහල පහළ එහෙම ජනාකීර්ණ බවක් තිබිලා නැහැනේ. ලේඛකයෙක් විදිහට ඔහු නොසෑහෙන නිදහසක් වගේම අප්‍රමාණ මිත්‍ර සමාගමයක් ලැබුව බවක් අද කියැවුණා.

බර්ට්‍රම් ජී. ලියනගේ ‘බස වවන සාස්තරේ’ නමින් තරමක අමුතු කතන්දර වගයකුත් කිව්වා. ඒ අතරේ සිංහල භාෂාවෙ ඉපදීම සහ සංස්කෘතික වචන එක්ක සිංහලය බැදලා තියෙන හේතු බොහොමයක් සවිස්තරාත්මකව කියන්න යෙදුණා. ඔහුගෙ කතාව නිසා අලුත් සිංහල වචනවල හිඟකම සහ භාෂාත්මක ප්‍රශ්න රාශියක් ගැන පැය කීපයක් කල්පනා කරන්නත් පොටක් පෑදුණා.

ඔක්කොමත් හරි රතු පාටින් බබළන බූන්දි තසිමක් එක්ක දුම් දාන අලුත් පන්නෙ බොයිලේරුවකින් අසෝක වීදුරුවට වඩා පොඩි වීදුරුවකට දාන් කහට බොන්නත් කටයුතු යෙදිලා තිබ්බා. පසුබිමෙන් ගිටාර් එකක් ටියුන් කරනවා. ගෙදර පිටිපස්සෙ දිග බරාදයේ පුටු කීපයක්, බීන් බෑග් කීපයක් තියලා. අනෙත් පැත්තට මූණ දාපු තඩි කොස් ගහක්. කොස් කොළ හුළඟ එක්ක ආරෝවක්. කොච්චර කළත් බිම වැටෙන්නෑ.

ආයෙත් හිතිලා කෞතුකාගාරෙ ඇතුළට ගියොත් කාමරේකට එබිලා ලී අච්චු අකුරු ටිකක් හොයාගන්නත් පුළුවන්. ඔය පින්තූරෙ තියෙන ‘ශ්‍රී’ අකුර එහෙව් ලාච්චුවකයි තිබ්බෙ. ඒ අර මට සති දෙකකට කලින් යාගන්න බැරි වුණ ‘අච්චු අකුරු පිරිසිදු කිරීමේ’ ප්‍රොජෙක්ට් එකෙන් පිරිසිදු කරපුවා. 

ඔෆිස් යමින්-ගෙදර එමින්-ටීවී සීරීස් බලමින් ගතකරන බොහොම කුසීත ජීවිතෙන් එළියට ලයිට් එකක් වැටෙන්නෙ මේ වගේ වැඩවලින්. ඉතිං දැන් මම ඒ ස්වීච් එක ඕෆ් කර නොගෙන ටිකක් කල් ඉන්නවා- Kanchana Amilani Karunamuni